Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්ත ක්‍රීඩකයන් 14 කට අලුතින් කොන්ත්‍රාත්තු

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින් 14 දෙනෙකු සඳහා වසර දෙකක මධ්‍යම කොන්ත්‍රාත්තු ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2027 සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වනවා.


ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්, එක්දින නායක හැරී බෲක්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ජොස් බට්ලර්, ජෝ රූට් සහ ආදිල් රෂීඩ් මෙම ලැයිස්තුවේ සිටිනවා.


තවත් ක්‍රීඩකයින් 12 දෙනෙකුට වසරක කොන්ත්‍රාත්තු පිරිනමන ලද අතර තවත් ක්‍රීඩකයින් හතර දෙනෙකු සඳහා භාර දී ඇත්තේ සංවර්ධන කොන්ත්‍රාත්තුයි.


වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ට වසර දෙකක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් වසරක කොන්ත්‍රාත්තුවක් සඳහා තෝරාගෙන ඇත.


බෙන් ඩකට් සහ කඩුලූ රකින ක්‍රීඩක ජැමි ස්මිත් ද වසර දෙකක කොන්ත්‍රාත්තු අත්සන් කර ඇත.

 

වසර දෙකක කොන්ත්‍රාත්තු:

Jofra Archer, Gus Atkinson, Jacob Bethell, Harry Brook, Jos Buttler, Brydon Carse, Sam Curran, Ben Duckett, Will Jacks, Adil Rashid, Joe Root, Jamie Smith, Ben Stokes, Josh Tongue

 

වසරක කොන්ත්‍රාත්තු :

Rehan Ahmed, Sonny Baker, Shoaib Bashir, Zak Crawley, Liam Dawson, Saqib Mahmood, Jamie Overton, Ollie Pope, Matthew Potts, Phil Salt, Luke Wood, Mark Wood

 

සංවර්ධන කොන්ත්‍රාත්තු :

Josh Hull, Eddie Jack, Tom Lawes, Mitchell Stanley

Share This Post

Post a comment