
රවිචන්ද්‍රන් අශ්වින් මෙවර BBL තරගාවලියෙන් ඉවතට
ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ට මෙවර BBL තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.
ඒ දණහිසේ ආබාධයකට ලක්වීම හමුවේ සිදුකෙරෙන සැත්කමක් හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙවර BBL තරගාවලියේ ඔහු Sydney Thunder කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබුණා.
මෙම තත්වය හමුවේ ඔහුට සිය මංගල BBL තරගවාරය අහිමිව යනු ඇති බවද වැඩිදුරටත් සඳහන්.
Share This Post
