
ඉන්දියාව කුළුදුල් කාන්තා එක්දින ලෝක ශූරියන් වෙයි
මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම හර්මන්ප්‍රීත් කෞර් ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 53 කින් පරාජයට පත් කිරීමත් සමඟයි.
නවි මුම්බායි හීදී පැවති තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධ එල්ල වූ අතර ඒ හේතුවෙන් තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ටයි.
තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 298 ක් රැස්කළා.
ඉන්දියාව වෙනුවෙන් Shafali Verma ලකුණු 87 ක් ද Deepthi Sharma ලකුණු 58 ක් ද රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 299 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු 03 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 246 ක් පමණයි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ නායිකා Laura Wolvaardt ලකුණු 101 ක් රැස්කළා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Deepthi Sharma ලකුණු 39 ට කඩුලු 05 ක් බිඳහෙලුවා.
ඒ අනුව, ඉන්දීය කණ්ඩායමට සිය කුළුදුල් කාන්තා එක්දින ලෝක කුසලානයේ පහස විඳගැනීමට හැකිවුණා.
Share This Post
