
සිම්බාබ්වේට එරෙහිව ඇෆ්ඝනිස්ථානයට පූර්ණ T20 තරගාවලි ජයක්
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පූර්ණ විස්සයි විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (02) සමත් වුණා.
ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 09 ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමඟයි.
හරාරේ හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 210 ක් රැස්කළා.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 92 ක් ද ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 60 ක් රැස්කිරීමට සමත් වුණා.
ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 201 ක් පමණයි.
සිම්බාබ්වේ වෙනුවෙන් සිකන්දර් රාසා ලකුණු 51 ක් රැස්කළා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අබ්දුල්ලා අහමඩ්සායි කඩුලු 03 ක් ද ෆසල්හක් ෆරෝකි සහ ෆරීඩ් අහමඩ් අතරේ කඩුලු 02 බැගින් බෙදීගියා.
මෙය සැළකෙන්නේ මෙම රටවල් දෙක අතර පැවති විස්සයි විස්ස තරගයකදී කණ්ඩායම් දෙකම රැස්කළ ලකුණු සංඛ්‍යාවන් හි වැඩිම එකතුව ලෙසයි.
අවසන් තරගයේ වීරයා සම්මානය රහ්මනුල්ලාහ් ගුර්බාස් ට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ ඊබ්‍රහීම් සද්රාන් විසිනි.
Share This Post
