
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද
මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට නවි මුම්බායි හීදී ආරම්භ වනවා.
ඒ දකුණු අප්‍රිකාව සහ ඉන්දියව අතරයි.
අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙකම මෙතෙක් කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනාගෙන නැහැ.
ඒ අනුව මෙවර කුළුදුල් කාන්තා එක්දින ලෝක ශූර කණ්ඩායමක් බිහිවෙනු ඇති.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉන්දීය කණ්ඩායම අවස්ථා 02 කදී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබුණා.
ඒ 2005 සහ 2017 යන වසරවලදී පැවති කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලදීයි.
කෙසේවෙතත්, දකුණු අප්‍රිකා කණ්ඩායම මීට පෙර පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගෙන නොතිබීම ද කැපී පෙනෙනවා.
අද රාත්රියේදී මෙවර එක්දින කාන්තා ලෝක කුසලානයේ පහස විඳගන්නා කණ්ඩායම තීරණය වනු ඇති.
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකික තරග තීරක මිචෙල් පෙරෙයිරා නම්කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකිකයකු තෝරාගනු ලැබ ඇත්තේ රන්ජන් මඩුගල්ලේ සහ වැනේසා ද සිල්වාට පසුව වීමද විශේෂත්වයක්.
අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙස තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමාලි පෙරේරා නම් කර තිබෙනවා.
-Udara Jayawardhana-
Share This Post
