Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක අසාරුදීන්ට ප්‍රාන්ත අමාත්‍ය ධුරයක්

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මෙන්ම ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායකයෙකු වන මොහොමඩ් අසාරුදීන් තෙලන්ගානා ප්‍රාන්තයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. 

 

රාජ් භවන්හිදී අද (31) උදෑසන පැවති උත්සවයකදී ආණ්ඩුකාර ජිෂ්ණු දේව් වර්මා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේය.

 

ඒ අනුව ඔහු කොංග්‍රස් රජය යටතේ තෙලන්ගානා ප්‍රාන්තයේ පළමු මුස්ලිම් කැබිනට් අමාත්‍යවරයා බවට පත්විය.

 

තෙලන්ගානා ප්‍රාන්තයේ 30%ක ඇස්තමේන්තුගත මුස්ලිම් ඡන්දදායකයින් සිටියත්, මුස්ලිම් අමාත්‍ය නියෝජනයක් සිදුව නොතිබුණි.

 

කෙසේ නමුත් මෙම පත්වීමට භාරතීය ජනතා පක්ෂය විරෝධය දක්වා තිබේ. 

 

ඔවුන් පවසන්නේ එළැඹෙන මැතිවරණය ඉලක්ක කර මෙම පත්කිරීම සිදුකර ඇති බවය.

 

මේ වනවිට 62වන වියේ පසුවන අසාරුදීන් 1984 – 2000 කාලසීමාවේ ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුණි.

 

එහිදී ටෙස්ට් ශතක 22ක් හා අර්ධ ශතක 21ක් සමගින් ලකුණු 6,215ක්ද, එක්දින ශතක 7ක් හා අර්ධ ශතක 58ක් සමගින් ලකුණු 9,378ක්ද රැස්කර ඇත.

Share This Post

Post a comment