
පුහුණුකරුවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිලි කිරීමක්
ජූලියන් වුඩ් සහ රෙනේ ෆර්ඩිනන්ඩ්ස් ජාතික පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු ව්‍යුහය තුළ තිළිණ කණ්ඩම්බි සහ පියල් විජේතුංගගේ අඛණ්ඩ භූමිකාවන්ට බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එක් එක් පුහුණුකරු හුවමාරු පදනමක් (Rotational basis) මත ජාතික පිරිමි කණ්ඩායම සමග සම්බන්ධ වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කලේ.
මෙම සියලූම පුහුණුකරුවන්, ඔවුන් ජාතික කණ්ඩායම සමග කටයුතු කරන බව නිශ්චිතව දක්වා නොමැති බවද ඔහු කියාසිටියා.
සංචාරයෙන් සංචාරය, කණ්ඩායම්වලට සම්බන්ධ වන්නේ කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කරනු ලබන බවද ඔහු සඳහන් කලා.
ප්‍රධාන පුහුණුකරු සහ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු හැරුණු විට, සෙසු අය ලෙස වෙනස් කරනු ලබන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කලේ.
තිළිණ කණ්ඩම්බි 2023 දෙසැම්බර් සිට ශ්‍රී ලංකාවේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර, පියල් විජේතුංග 2006 පෙබරවාරි සිට දග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
Share This Post
