Where the Life Meets Cricket

info@cricketlk.com

කණ්ඩායමේ අඩුපාඩු හෙළිකරන ඉන්දීය T20 නායකයා

ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර සිය කණ්ඩායමේ වර්ධනය කරගත යුතු අංශ කිහිපයක් පවතින බව ඉන්දීය විස්සයි විස්ස නායක සූර්යකුමාර් යාදව් පවසනවා.

ක්‍රිකට් වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ විශේෂයෙන් උඩපන්දු අත්හැරීම වළක්වා ගැනීමට වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

ලොව හොඳම පන්දු රකින්නන් සහිත කණ්ඩායම බවට පත්වීමට නම් සිදුවිය හැකි අඩුපාඩු වළක්වා ගැනීමේ අවශ්‍යතාවය ඔහු මෙහිදී අවධාරණය කළා.

පුහුණු සැසියකදී සාමාන්‍යයෙන් එක් ක්‍රීඩකයෙකු උඩපන්දු 25 ක් පමණ රැකගැනීමට පුරුදු වන බවයි ඉන්දීය විස්සයි විස්ස නායකයා අනාවරණය කළේ.

Share This Post

Post a comment