Where the Life Meets Cricket

info@cricketlk.com

"ඉන්දියාවට දඬුවම් කරන්න එපා කියා මට බලපෑම් එල්ල වුණා"

අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම පිළිබඳ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දඩුවම් නියම කිරීමෙන් වළකින්නැයි තමාට දුරකතන ඇමතුමක් ලැබුණු බව ICC හිටපු තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබුණා.

 

බ්‍රිතාන්‍ය Telegraph පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ පිළිබඳව අනාවරණය කර ඇත්තේ.

 

ක්‍රිස් බ්‍රෝඩ් පවසා ඇත්තේ ඉන්දියාව නියමිත කාලයේදී පන්දුවාර 03 ත් 04 ත් අතර සංඛ්‍යාවක් අඩුවෙන් යවා තිබුණද ඊට පියවරක් නොගන්නැයි තමාට බලපෑමක් සිදුවූ බවයි.

 

මෙම සිදුවීම වනවිට ඉන්දීය කණ්ඩායමේ නායකයත්වය දරා ඇත්තේ සව්රෝ ගංගුලි විසිනුයි.

 

එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වන ස්ටුවට් බ්‍රෝඩ් ගේ පියා ද වන ක්‍රිස් බ්‍රෝඩ් ICC තරග තීරකයෙකු ලෙස කටයුතු කර තිබුණේ 2003 වසරේ සිට පසුගිය වසරේ පෙබරවාරි දක්වා කාලයේදීයි.

 

එම කාලය තුළ ඔහු එක්දින තරග 361 ක් පන්දුවාර 20 තරග 138 ක් සහ ටෙස්ට් තරග 123 ක තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

 

(The Telegraph)

Share This Post

Post a comment