Where the Life Meets Cricket

info@cricketlk.com

සංගාට සුබ උපන්දිනයක්

අද (27) 48 වන උපන්දිනය සමරන ශ්රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර ඔබට සුබ උපන් දිනයක්..!!!
 
⭕ ජාත්යන්තර තරග 594 ක්
⭕ ජාත්යන්තර ලකුණු 28,016 ක්
⭕ ශතක 63 ක්
⭕ ටෙස්ට් ද්විත්ව ශතක 11 ක්
⭕ අර්ධ ශතක 145 ක්
⭕ හතරේ පහරවල් 3,015
⭕ හයේ පහරවල් 159 ක්
⭕ උඩපන්දු 609 ක්
⭕ Stump කිරීම් 139 ක්
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ 06 වන කඩුල්ල වෙනුවෙන් ක්රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ගොඩනැගීමට දායක වූ ක්රීඩකයෙක් (624 V SA 2006 IN SSC)
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ වේගවත්ම ලකුණු 12,000 වාර්තා කළ පිතිකරුවා (ඉනිම් 224)
 
⭕ ජාත්යන්තර ටෙස්ට් ඉනිම්වලදී වැඩිම වාර ගණනක් අඛණ්ඩව අර්ධ ශතක රැස්කළ පිතිකරුවන් අතර 01 වන ස්ථානය (අවස්ථා 07)
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ තරගයේ වීරයා සම්මානය වැඩිම වාර ගණනක් දිනාගත් ක්රීඩකයන් අතර 05 වන ස්ථානය (අවස්ථා 16 ක්)
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම ද්විත්ව ශතක සංඛ්යාවක් රැස්කළ පිතිකරුවන් අතර 02 වන ස්ථනය (ද්විත්ව ශතක 11 ක්)
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම ශතක සංඛ්යාවක් රැස්කළ පිතිකරුවන් අතර 05 වන ස්ථානය (ශතක 38)
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම ලකුණු සංඛ්යාවක් රැස්කළ පිතිකරුවන් අතර 07 වන ස්ථානය (ලකුණු 12,400)
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක සංඛ්යාවක් රැස්කළ පිතිකරුවන් අතර 07 වන ස්ථානය
 
⭕ ජාත්යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම හතරේ පහරවල් සංඛ්යාවක් එල්ල කළ පිතිකරුවන් අතර 05 වන ස්ථානය
 
⭕ ජාත්යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම දවාගැනීම් ප්රමාණයකට දායක වූ ක්රීඩකයන් අතර 01 වන ස්ථානය (අවස්ථා 482 ක්)
 
⭕ ජාත්යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම තරග සංඛ්යාවක් ක්රීඩාකළ ක්රීඩකයන් අතර 04 වන ස්ථානය (තරග 404)
 
⭕ ජාත්යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම හතරේ පහරවල් සංඛ්යාවක් එල්ල කළ පිතිකරුවන් අතර 03 වන ස්ථානය (1385)
 
⭕ ජාත්යන්තර එක්දින තරග රටාව තුළ වේගවත්ම ලකුණු 14,000 වාර්තා කළ පිතිකරුවන් අතර 03 වන ස්ථානය (ඉනිම් 378)
 
⭕ ජාත්යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක සංඛ්යාවක් රැස්කළ පිතිකරුවන් අතර 03 වන ස්ථානය (අර්ධ ශතක 118 ක්)
 
⭕ ජාත්යන්තර එක්දින තරග රටාව තුළ ඉනිම්වලදී අඛණ්ඩව ශතක රැස්කළ පිතිකරුවන් අතර 01 වන ස්ථානය (අවස්ථා 04)
 
⭕ ජාත්යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම උඩපන්දු සංඛ්යාවක් ලබාගත් ක්රීඩකයන් අතර 03 වන ස්ථානය (උඩපන්දු 383)
 
⭕ ජාත්යන්තර T20I තරග රටාව තුළ වැඩිම Stump ප්රමාණයක් සිදුකළ කඩුලු රකින්නන් අතර 07 වන ස්ථානය (අවස්ථා 20)
 
⭕ ලොව වැඩිම ජාත්යන්තර ලකුණු සංඛ්යාවක් රැස්කළ පිතිකරුවන් අතර 02 වන ස්ථානය
 
⭕ 2007 – 2011 – 2015 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිවලදී ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයෙක් මෙන්ම නායකයෙක්
 
⭕ 2007 – 2009 – 2010 – 2012 – 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිවලදී ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයෙක් මෙන්ම නායකයෙක්
 
⭕ 2014 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්රියාත්මක කළ ක්රීඩකයෙක්
 
⭕ ශ්රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට නායකයෙක්

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More