Where the Life Meets Cricket

info@cricketlk.com

2027 ක්‍රිකට් ලෝක කුසලානය – අප්‍රිකාවේ හද ගැස්ම සමඟ නැවතත් ලෝකයේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය !

2003 වසරේ දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව එක්ව සත්කාරකත්වය දැරූ ක්රිකට් ලෝක කුසලානයෙන් වසර 24කට පසුව, ලෝකයේ දැවැන්තම එක්දින ක්රිකට් තරගාවලිය නැවතත් අප්රිකානු භූමියට පැමිණීම විශේෂත්වයකි.
 
2027 ලෝක කුසලානය සඳහා ලොව ප්රබලතම කණ්ඩායම් 14ක් සහභාගී වන අතර, එහි නිල තේමාව ලෙස “Three Nations, One Heartbeat” යන සංකල්පය හඳුන්වා දී තිබේ.
 
මෙම තේමාව අප්රිකාවේ ප්රසිද්ධ “Ubuntu” දර්ශනය මත පදනම් වී ඇති අතර, එහි සාරාර්ථය වන්නේ “මම සිටින්නේ අප සියල්ලන් සිටින නිසා” යන්නයි. ICC සඳහන් කරන්නේ මෙම දර්ශනය මනුෂ්යත්වය, කරුණාව, එකමුතුකම සහ එකිනෙකා අතර ඇති සම්බන්ධතාවය අගය කරන බවයි.
 
ඒ සමඟම “Make the Circle Bigger” යන සංකල්පයද තරගාවලියේ ප්රධාන පණිවිඩය ලෙස හඳුන්වා දී තිබේ. එහි අරමුණ වන්නේ සංස්කෘතික විවිධත්වය, නිල භාෂා 29ක් සහ අප්රිකාවේ අනන්යතාවයන් එකම වේදිකාවකට එක් කිරීමයි.
 
නිල තේමාව සහ ක්රීඩාංගණ එළිදැක්වීමේ උත්සවයට දකුණු අප්රිකාවේ හිටපු සහ වත්මන් ක්රිකට් තරු වන Graeme Smith, Makhaya Ntini, Hashim Amla, Temba Bavuma සහ Kagiso Rabada එක් වූ අතර, සිම්බාබ්වේ නියෝජනය කරමින් Hamilton Masakadza සහ නැමීබියාව නියෝජනය කරමින් Rudolf Jansen van Vuuren ද සහභාගී වූ බව ICC සඳහන් කළේය.
 
🏏 2027 ලෝක කුසලානයේ තරග ආකෘතිය
🏏 Super Series – ශ්රේණිගත කිරීම් අනුව 12 සිට 14 දක්වා ස්ථානවල පසුවන කණ්ඩායම් තුන Round Robin ක්රමයට තරග වැදී, ජයග්රාහකයා ප්රධාන තරගාවලියට සුදුසුකම් ලබයි.
🏏 පළමු වටය – කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකකට බෙදා Round Robin ක්රමයට තරග වැදෙන අතර, මෙම වටයේ තරග 30ක් පැවැත්වේ.
🏏 Super 7 – සෑම කාණ්ඩයකින්ම ඉහළම කණ්ඩායම් තුන බැගින් සහ ඉතිරි කණ්ඩායම් අතරින් හොඳම කණ්ඩායම එක්ව කණ්ඩායම් 7ක් අතර තරග 21ක් පැවැත්වේ.
🏏 අවසන් සිව්දෙනා – Super 7 වටයේ ඉහළම කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
🏏 අවසන් පූර්ව වටය – පළමු ස්ථානය සහ සිව්වන ස්ථානය අතරත්, දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය අතරත් තරග පැවැත්වෙන අතර, ජයග්රාහී කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට පිවිසෙයි.
2027 ක්රිකට් ලෝක කුසලානය ඉතිහාසයේ විශාලතම එක්දින ලෝක කුසලාන තරඟාවලියක් වීමට නියමිත අතර, ඉතිහාසයේ වැඩිම තරඟ සංඛ්යාව (57) පැවැත්වෙන ලෝක කුසලානය වනු ඇත.
🏏කණ්ඩායම්: 14 (2023 – 10 සිට වැඩි කර ඇත)
📅මුළු තරඟ: 57 (ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම සංඛ්යාව)
🌍 සත්කාරක රටවල්: දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ නමීබියාව
🏟️නමීබියාව – පළමු වරට ක්රිකට් ලෝක කුසලාන තරඟ සත්කාරකත්වය දරයි.
දකුණු අප්රිකාවේ ක්රීඩාංගණ 8ක, සිම්බාබ්වේ ක්රීඩාංගණ 3ක සහ නැමීබියාවේ එක් ක්රීඩාංගණයක තරග පැවැත්වීමට නියමිතයි.
🇿🇦 දකුණු අප්රිකාව
🏟️ Wanderers Stadium (Johannesburg)
🏟️ Centurion (Tshwane)
🏟️ Newlands Cricket Ground (Cape Town)
🏟️ Kingsmead Cricket Ground (Durban)
🏟️ St George’s Park (Gqeberha)
🏟️ Mangaung Oval (Bloemfontein)
🏟️ Boland Park (Paarl)
🏟️ Buffalo Park (KuGompo City)
🇿🇼 සිම්බාබ්වේ
🏟️ Harare Sports Club (Harare)
🏟️ Queens Sports Club (Bulawayo)
🏟️ Fale Mosi-oa-Tunya International Cricket Stadium (Victoria Falls)
🇳🇦 නැමීබියාව
🏟️ Namibia Cricket Ground (Windhoek)

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *