2027 ICC ශූරයන්ගේ කුසලාන (කාන්තා) ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිළධාරියෙකු විසින් ඊයේ (24) දින තහවුරු කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
තරගාවලියේ තරග කාලසටහන ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.
පසුගියදා නිමාව දුටු පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද සම – සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලැබුවා.