Where the Life Meets Cricket

info@cricketlk.com

2027 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ Super 6 වටය ඉවතට

2027 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ මෙතෙක් පැවති තරග රටාව වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා. 🌍
 
ඒ අනුව පසුගිය තරගාවලි තුනේදීම ක්‍රියාත්මක වූ සුපිරි හය (Super Six) වටය මෙවර ඉවත් කර තිබීම විශේෂත්වයක්. ❌
 
2027 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 🏆
මීට පෙර පැවති තරගාවලිවලදී කණ්ඩායම් 10 කාණ්ඩ දෙකකට බෙදා මූලික වටය පැවැත්වීමෙන් අනතුරුව සුපිරි හය වටයක් ක්‍රියාත්මක වුණා.
 
එම තරගාවලිවලදී සමස්ත තරග 34ක් පැවැත්වුණු අතර, අවසන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් දෙකයි.
 
නව තරග රටාව යටතේ කණ්ඩායම් 10 කාණ්ඩ දෙකකට බෙදා එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් ඇතුළත් කරනු ඇති. එක් කාණ්ඩයකින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ඉන් අනතුරුව අවසන් මහා තරගය පැවැත්වෙනවා. 🏏 ඒ අනුව මෙවර තරගාවලියේ පැවැත්වෙන්නේ තරග 23ක් පමණයි. 📊
 
මෙහිදී තවත් වැදගත් වෙනසක් වන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට 2027 එක්දින ලෝක කුසලානයේ ප්‍රධාන වටයට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවීමයි. 🎟️
 
එම තරගාවලියේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් ලෝක කුසලානයේ පළමු වටය වන Super Series වටයට ඇතුළත් වනවා. එම වටයෙන් ඉදිරියට පැමිණෙන එක් කණ්ඩායමකට ප්‍රධාන ලෝක කුසලාන වටයට පිවිසීමට අවස්ථාව හිමිවනු ඇති. 🔥
 
මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය ශ්‍රේණිගත කිරීම් අනුව සුදුසුකම් ලබා ඇති අතර, CWC League 2 තරගාවලියෙන් ඇමරිකාව, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය සහ ඕමානය ද සුදුසුකම් ලබා තිබෙනවා. ✅
 
ඉතිරි ස්ථාන හතර තීරණය වන්නේ ලබන මාසයේ නේපාලයේදී පැවැත්වීමට නියමිත Qualifier Playoff තරගාවලියෙන්. 🇳🇵 ඒ සඳහා CWC League 2 හි අවසන් ස්ථාන හතරේ කණ්ඩායම් සහ Challenge League තරගාවලියෙන් කණ්ඩායම් හතරක් සහභාගී වීමට නියමිතයි. 🏏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *