Where the Life Meets Cricket

info@cricketlk.com

2026 T20 ලෝක කුසලානයෙන් පසු ජොනතන් ට්‍රොට් ඇෆ්ඝනිස්තාන පුහුණුකරු ධුරයෙන් ඉවතට

2026 ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

 

මේ පිළිබඳ නිල නිවේදනය අද (03) ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කළා.

 

මෙය ජාතික කණ්ඩායමේ වැඩිදියුණුව වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කර ඇති දිගුකාලීන සැලසුමක එක් අදියරක් බවයි සඳහන් වන්නේ.

 

ජොනතන් ට්‍රොට් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව කණ්ඩායම පෙරලිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළා.

 

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පකිස්තානය යන කණ්ඩායම් පරාජයට පත් කිරීම – ඉතිහාසයේ පළමු වරට 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම ආදී සුවිශේෂී ජයග්‍රහණ රැසක් ඒ අතර වනවා.

Share This Post

Post a comment