
සිම්බාබ්වේට එරෙහි පළමු T20 තරගයෙන් ඇෆ්ගනිස්තානයට පහසු ජයක්
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 53 ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (29) සමත් වුණා.
හරාරේ හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 180 ක් රැස් කිරීමට සමත් වුණා.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඊබ්‍රහීම් සද්රාන් පන්දු 33 කදී ලකුණු 52 ක් රැස්කළා.
ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 16 යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 127 ක් පමණයි.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ Mujeeb Ur Rahman ලකුණු 20 ට කඩුලු 04 ක් බිඳහෙලුවා.
දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය අනිද්දා (31) දින හරාරේ හීදී පැවැත්වීමට නියමිතයි.
Share This Post
