Where the Life Meets Cricket

info@cricketlk.com

ස්මිත්‍රි මන්දනාගේ විවාහය අතරමග නතර වෙයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රියතම සුපිරි තරුවක් වන ස්මිත්‍රි මන්දනා ඇගේ විවාහ උත්සවය කල් දැමීමට තීරණය කර ඇත.

 

ඇයගේ විවාහය ඊයේ (23) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි.

 

නමුත් උත්සවය අතරතුර ඇගේ පියාට හදිසියේම ඇති වූ හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

 

ස්මිත්‍රි පවසා ඇත්තේ ඇගේ පියා නොමැතිව විවාහ උත්සවය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවය.

 

ස්මිත්‍රිගේ පෙම්වතා වුයේ ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පලාෂ් මුචල්ය.

 

විවාහය කල් දැමීමත් සමඟ ඔහුගේ ද සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමෙන් ඔහුව ද රෝහල් ගත කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

 

මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්‍රා සඳහන් කළේ , මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බව යි.

 

මේ හේතුවෙන් විවාහ උත්සවය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *