Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලක ICU වෙත

ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී වම් ඉල ඇටයේ (Left Rib) ආබාධයකට ලක්වූ ඉන්දීය උප නායක ශ්‍රෙයාස් අයියර් ඊයේ (26) සිඩ්නි හි රෝහලකට ඇතුළත් කර තිබුණා. 

 

මේ වනවිට ඔහු එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

 

පෙරේදා (25) පැවති තරගයේ 34 වන පන්දුවාරයේදී ඇලෙක්ස් කේරි ලබාදුන් උඩපන්දුවක් ලබාගැනීමට යාමේදී ඔහු මෙම ආබාධයට ලක්ව තිබුණා. 

 

කෙසේවෙතත්, ඔහු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යන දිනය මෙතෙක් නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි දැක්වෙන්නේ.

Share This Post

Post a comment