Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රෙයාස් අයියර් රෝහලෙන් පිටව යයි

ඔක්තෝබර් 25 වන දින ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරගයේදී ඇති වූ තුවාලයක් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් හමුවේ රෝහල්ගත කෙරුණු ඉන්දීය ක්‍රීඩඩක ශ්‍රෙයාස් අයියර් සිඩ්නි රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.


ඔහුගේ තත්වය මේ වනවිට යහපත් අතට පත්ව ඇති අතර ස්ථාවර වී හොඳින් සුවය ලබමින් සිටින බවයි අද පෙරවරුවේ නිකුත් කෙරුණු නිවේදනයක දැක්වුණේ.


අයියර් දින 2 ක් පමණ දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබු අතර පසු විපරම් උපදේශන සඳහා තවදුරටත් සිඩ්නි හි රැඳී සිටින අතර නැවත පැමිණීමට සුදුසු යැයි සැලකූ පසු ඉන්දියාවට ළගාවනු ඇති.


සිඩ්නි හි පැවති 03 වන එක්දින තරගයේදී ඇලෙක්ස් කේරි දැවී යාමට උඩ පන්දුවක් ලබා ගත් අවස්ථාවේදී මෙම තුවාලය සිදුවුණා.


ඔහු වහාම තම ඉළ ඇටය අල්ලාගෙන ඇද වැටුණු අතර වහා පිටියෙන් ඉවත් කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා.


ඉන්දියාව තුන්වන එක්දින තරගය කඩුලූ නවයකින් ජයග්‍රහණය කළ නමුත් පර්ත් සහ ඇඩිලේඩ් හි පැවති පළමු තරග දෙකේදී පරාජයට පත්වීමෙන් පසු තරග තුනකින් යුත් තරගාවලිය 2-1 කින් පරාජයට පත්විය.

Share This Post

Post a comment