Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හරී

ඔස්ට්‍රේලියාවට එරෙහි 03 වන එක්දින තරගයේදී ආබාධයකට ලක්ව සිඩ්නි නුවර රෝහලකට ඇතුළත් කෙරුණු ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයෙන් මුදා හැර තිබෙනවා.
 
ඔහු මේ වනවිට සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.
 
වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවයි.
 
ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී දවාගැනීම සඳහා උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා.
 
මේ අතර ඉන්දීම මාධ්‍ය වාර්තාකර සිටියේ, අයියර්ගේ පවුලේ සාමාජිකයෙකු හැකි ඉක්මනින් සිඩ්නි නුවරට පැමිණීමට ද නියමිත බවයි.

Share This Post

Post a comment