Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පූර්ව වටයට

Share This Post

මෙවර නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.
 
ඒ මූලික වටයේ පැවති බංග්ලාදේශය A කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 06 කින් පරාජයට පත්කිරීමත් සමඟයි.
 
කටාර් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 159 ක් රැස්කළා.
 
ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 69 ක් ද නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 23 ක් ද රැස්කළා.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ A කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153 ක් පමණයි.
 
ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 19 ට කඩුලු 03 බිඳ හෙලුවා.
 
තරගයේ වීරයා සම්මානය නායක දුනිත් වෙල්ලාලගේ ට හිමිවුණා.
 
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකා A සහ පකිස්තාන ෂහීන්ස් කණ්ඩායම් අතර හෙට (21) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට පැවැත්වීමට නියමිතයි.

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *