Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා A කණ්ඩායමේ අවසන් මහා තරග සිහිනය බොඳවෙයි

Share This Post

මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් ගිලිහී ගියා.
 
ඒ අද (21) පැවති තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී පකිස්ථාන ෂහීන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 05 ක පරාජයක් අත්විදීමට සිදුවීමත් සමඟයි.
 
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි පකිස්ථාන ෂහීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 153 ක් රැස්කළා.
 
ශ්‍රී ලංකා A වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 04 ක් ද ට්‍රැවින් මැතිව් කඩුලු 03 ක් ද බිඳ හෙලුවා.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා A කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 148 ක් පමණයි.
 
ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් අවසන් මොහොතේ හුදෙකලා සටනක නිරත වූ මිලාන් රත්නායක ලකුණු 40 ක් රැස්කළා.
 
මෙවර නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 23 වනදා පකිස්ථාන ෂහීන්ස් සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *