Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද / විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්

අද (19) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

 

එහිදි ඔහු පැවසුවේ අද දහවල් 12 වනවිට ක්‍රීඩාංගනයට පිවිසීමට දොරටු විවෘත කරන බැවින් එම වෙලාවටම පැමිණෙන්නේ නම් කිසිදු ගැටලුවක් ඇති නොවන බවය.

 

“අපි විශේෂයෙන්ම ප්‍රේක්ෂක ජනතාවට කියනවා දහවල් 12 සිට දොරටු විවෘත්තව කිරීමට බලාපොරොත්තු වෙනවා. සවස 03 සිට තරගය ආරම්භ කිරීමට නියමිතයි. දොරටු විවෘත්ත කරන්නේ දහවල් 12ට. ඒ වේලාවටම පැමිණියොත් රස්තියාදුව නැතිවෙනවා වගේම අපේ රාජකාරියටත් පහසුයි. 

 

“ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගයේදීත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග පැවති දිනයේ දී ක්‍රියාත්මක වූ විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. “

 

“රථ වාහන නැවැත්වීමට නොහැකි මාර්ග තියෙනවා. ඒවාගේ දහවල් 12 සිට රථවාහන අපි නවත්වන්න ඉඩ දෙන්නේ නෑ. “

 

එම මාර්ග,

1) සංඝරාජ මාවත සහ සුමනදිසි මාවත 
2) වින්සන් පෙරේරා මාවත 
3) බ්‍රිටෝ බාබා පුල්ලේ ප්‍රෙදෙස, පන්සල පාර, ඛෙත්තාරාම පාර
4) සෙබස්තියන් ඇල පාර
5) අඩි සියේ මාර්ගය 
6) ශ්‍රී බෝධිරාජ මාවත 
7) මාලිගාවත්ත පටුමග සහ ජුම්මා මස්ජිද් පාර
8) ප්‍රදීපා මාවත සහ සද්ධර්ම මාවත

 

එමෙන්ම තරගය පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුල්වීමට ඇති මර්ගවලද රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

 

මේ අතර රථවාහන නවතා තැබීමට අවසර හිමි රථගාල් 6ක් ඇති බව පොලීසිය පවසයි.

 

1 ක්‍රීඩා භූමිය රථගාල – වාහන 165 – VIP සහ VVIP pass, මාධ්‍යට 

2)  සතොස සහ දුම්රිය අංගනයට – සැහැල්ලු වාහන 500ක්
ත්‍රීවිල් , වැන් රථ, යතුරු පැදි කාර් රථ

සෙබස්තියන් ඇල පාර
3) පළමු පාලම සහ දෙවන පාලම දක්වා – වාහන 80ක්
4) ඇපල් වත්ත – 150යි
5) කෝවිල පාර – 200යි
6) අඩි සිය මාර්ගය දෙපස – 150යි

 

මේ අතර ප්‍රේක්ෂකයන්ට යම් ගැටලුවක් සම්බන්ධයෙන් විමසීමට අවශ්‍ය නම් පොලීස් නිලධාරීන්ගේ විමසීමට හැකි බවත් එසේත් නැතිනම් 0112- 433 333 දුරකථන අංකය අමතා සහාය ලබාගත් හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *