Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම් රතෝර් පත්කෙරේ

තවත් සති කිහිපයකින් ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම් රතෝර් පත්කෙරෙනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

 

දැනට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසටයි ඔහු කටයුතු කරමින් සිටින්නේ.

 

ඔහු ලබන 15 වන දින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වනවා.

 

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස 2024 වසර දක්වා ද කටයුතු කරනු ලැබුවේ ද රතෝර් විසිනුයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළව ඔහුට පැවරෙන පළමු වගකීම වන්නේ එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *