Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා - පකිස්තාන දෙවැනි T20 තරගය අතහැර දැමේ

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (09) පැවැත්වීමට නියමිත තිබූ දෙවැනි 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.

 

මෙම තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාවක් ලැබී නොමැත.

 

ඒ අනුව දිගින් දිගටම වර්ෂාව පැවතීම හේතුවෙන් මෙසේ තරගය අතහැර දැමීමට පියවර ගෙන ඇත.

 

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පකිස්තානයයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *