Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහි පුහුණු තරගයේ ජය ඕමානයට

මෙවර ICC පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවති පුහුණු තරගයක් අද (03) ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ඕමානය අතර පැවැත්වුණා.
 
කොළඹ දී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
 
ඒ අනුව, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09 ක් දැවී ලකුණු 145 ක් රැස්කළා.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය ඕමාන කණ්ඩායම පන්දුවාර 18 කදී කඩුලු 05 ක් පමණක් දැවී තරගයේ ජය තමන් සතුකර ගත්තා.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *