ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ජෙමී සිඩ්න්ස් ව පත්කර තිබෙනවා.
ඔහු 2007 වසරේ සිට 2012 වසර දක්වා බංග්ලාදේශ (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කර ඇති සිඩ්න්ස් නවසීලන්තයේ වෙලින්ට ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.
එමෙන්ම, දකුණු ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ඔහු කලක් කටයුතු කළා.
ලබන 16 වනදා සිට ජෙමී සිඩ්න්ස් මෙම ධුරයේ රාජකාරී කටයුතු ඇරඹීමට නියමිතයි.