ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි හතරවන වන T20I තරගයෙන් ලකුණු 30 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 221 ක් රැස්කළා.
එය සැළකෙන්නේ ඉන්දීය කාන්තා කණ්ඩායම විස්සයි විස්ස තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 196 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 52 ක් රැස්කළා.
තරග 05 කින් සමන්විත තරගාවලියේ තරග 4 – 0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.
