මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වත්මන් තත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
පන්දුවාර 20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මාර්තු මස 13 වනදා සිට පැවැත්වීමටයි සැළසුම් කර තිබුණේ.
කෙසේවෙතත්, මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතව ඇති තත්වය සැළකිල්ලට ගනිමින් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
නමුත් ඇෆ්ඝනිස්ථානය තරගාවලිය සඳහා සහභාගී වන එක්දින සහ පන්දුවාර 20 සංචිත පසුගියදා නම් කළා.
තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිත මෙතෙක් නිල වශයෙන් නම්කර නැහැ.
කෙසේවෙතත්, අදාළ තීරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් නිළ වශයෙන් අදහස් පළකර නොතිබීම ද විශේෂත්වයක්.
One Response
Good decision.. Player’s safety should be the number 1 fact.