මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහි තරගයෙන් ලකුණු 105 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12) පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් ඕමානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 225 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් – දසුන් ශානක සහ පවන් රත්නායක අර්ධ ශතක රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය ඕමානයට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 120 ක් පමණයි.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.
One Response
Wow niyamai