ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.
ඒ නවසීලන්තය සමඟ අද (25) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 61 ක දරුණු පරාජයක් අත්විදීමත් සමඟයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුව යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07 ක් දැවී ලකුණු 168 ක් රැස්කළා.
ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 107 ක් පමණයි.
එම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.
2014 වසරෙන් පසු ශ්‍රී ලංකාවට මෙතෙක් ICC ය විසින් සංවිධානය කරන ප්‍රධාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවී නැහැ.
