Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාව පරදා එංගලන්තයට පූර්ණ පන්දුවාර 20 තරගාවලි ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයෙන් ලකුණු 12 ක තියුණු ජයක් හිමිකර ගැනීමට එංගලන්තය අද (03) සමත් වුණා.
 
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අනුව, පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 129 ක් රැස්කළා.
 
ශ්‍රී ලංකව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර සිය ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් ලකුණු 24 ට කඩුලු 05 බිඳ හෙලුවා.
 
ජයග්‍රහණය ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.3 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි.
 
ඒ අනුව, දෙරට අතර පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 – 0 ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
 
තරගාවලියේ වීරයා සම්මානය සෑම් කරන් ට හිමි වුණා.
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *