Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන සිම්බාබ්වේ නවතයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට අද (19) සිදුවිය.

 

මෙම පරාජයත් සමග තරගාවලියේ මෙතෙක් අපරාජිත බව රැකගෙන සිටි ශ්‍රී ලංකාවේ එම ගෞරවය බිඳ වැටුණි.

 

එමෙන්ම සිම්බාබ්වේ තවදුරටත් අපරාජිත බව රැකගත්තේය.

 

ඔවුන් තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ සියලුම තරග ජයගෙන ඇති අතර, එලෙස ඔවුන් පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායම් අදියරේ තරග 3ක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.

 

ඒ අනුව ඔවුන් ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණද හිමිකරගමින් සුපිරි 8 වටයට ගියේය.

 

කෙසේ නමුත් මෙම තරගය පැවැත්වීමට පෙර සිටම කණ්ඩායම් දෙකම සුපිරි 8ට සුදුසුකම් ලබා තිබුණි.

 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 179ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවාරයේ දී (19.3) පසුකර යෑමට සිම්බාබ්වේ සමත් විය.

 

සිම්බාබ්වේ ජයග්‍රහණයේ නියමුවන් වූ බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63ක් රැස්කළේය.

 

එමෙන්ම නායක සිකන්දර් රාසා පන්දු 26කට පමණක් මුහුණදෙමින් ප්‍රහාරාත්මක ලකුණු 45ක් රැස්කළ අතර, ඒ වෙනුවෙන් ඔහු මුහුණදුන්නේ පන්දු 26කට පමණි.

 

ඔහුගේ ඉනිම හයේ පහර 4ක් හා හතරේ පහර 2කින් වර්ණවත් විය.

 

දුශාන් හේමන්ත ලකුණු 36කට කඩුලු 2ක් දවාගත්තේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *