Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේ ජය පකිස්තානයට

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 04 ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම අද (07) සමත් වුණා.
 
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 03 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණයි.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ ජනිත් ලියනගේ පන්දු 31 කට මුහුණ දෙමින් ලකුණු 41 ක් රැස්කළා.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය පකිස්තාන කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 04 ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.
 
ඒ අනුව, තරග 03 කින් සමන්විත තරගාවලියේ තරග 2 – 1 ක් ලෙස පෙරමුණේ පසුවන්නේ පකිස්තාන කණ්ඩායමයි.

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *