Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් DLS ක්‍රමයට අනුව ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්‍ත කණ්ඩායම අද (30) සමත් වුණා.
 
තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා එක් ඉනිමක් පන්දුවාර 17 කට සීමා වුණා.
 
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.2 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 133 ක් පමණයි.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 37 ක් රැස්කළා.
 
ඒ අනුව, ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 125 ක් රැස්කරගෙන සිටියා.
 
කෙසේවෙතත්, නැවත වරක් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම මත DLS ක්‍රමයට අනුව එංගලන්තයට තරගයේ ජය හිමිවුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *