සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (24) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 219 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.2 ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව, දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග 1 – 1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවනවා.
දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.