Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින සහ පන්දුවාර 20 තරගාවලි සඳහා සහභාගී වන ඇෆ්ඝනිස්ථාන සංචිත අද (05) නම්කර තිබෙනවා.
 
තරගාවලිය මාර්තු 13 වනදා සිට මාර්තු 25 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
 
කෙසේවෙතත්, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වාතාවරණය හමුවේ තරගාවලිය පැවැත්වෙනවා ද නැද්ද යන්න තවමත් ප්‍රශ්නගත තත්වයක පවතින බවටයි වාර්තා වන්නේ.
 
ඇෆ්ඝනිස්තාන පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවී ඇති අතර මීට පෙර එහි නායකත්වය දැරූ රශීඩ් ඛාන් වෙනුවට ඊබ්‍රාහිම් සද්රාන් ට නායකත්වය හිමිව තිබෙනවා.
 
එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඇෆ්ඝනිස්ථාන සංචිතය -:
 
Hashmatullah Shahidi (C), Rahmat Shah, Rahmanullah Gurbaz, Ikram Alikhil, Ibrahim Zadran, Sediqullah Atal, Darwish Rasooli, Azmatullah Omarzai, Mohammad Nabi, Rashid Khan, Nangyal Kharoti, AM Ghazanfar, Zia Ur Rahman Sharifi, Fareed Ahmad Malik, and Bilal Sami.
 
පන්දුවාර 20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ඇෆ්ඝනිස්ථාන සංචිතය -:
 
Ibrahim Zadran (C), Rahmanullah Gurbaz, Noor Rahman, Sediqullah Atal, Darwish Rasooli, Shahidullah Kamal, Azmatullah Omarzai, Mohammad Nabi, Sharafuddin Ashraf, Rashid Khan, Noor Ahmad, Mujeeb Ur Rahman, Zia Ur Rahman Sharifi, Fareed Ahmad Malik, and Abdullah Ahmadzai.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *