ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 -1 ක් ලෙස ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වුණා.
ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 53 කින් ජය ලැබීමත් සමඟයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව, නියමිත පන්දුවාර 50 අවසානයේදී එංගලන්තය කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 357 ක් රැස්කළා.
එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් නොදැවී ලකුණු 111 ක් සහ නායක හැරී බෲක් පන්දු 66 කදී නොදැවී ලකුණු 136 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 358 ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.4 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 304 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ යොවුන් පිතිකරු පවන් රත්නායක සිය මංගල ජාත්‍යන්තර එක්දින ශතකය ද සමඟින් ලකුණු 121 ක් රැස්කළා.
තරගයේ වීරයා සම්මානය හැරී බෲක් සහ තරගාවලියේ වීරයා සම්මානය ජෝ රූට් විසින් දිනාගනු ලැබුවා.