ඉන්දීය පිතිකරුවෙකු List A තරගයකදී රැස් කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට Sakibul Gani ඊයේ (24) සමත් වුණා.
ඒ 2025 – 26 විජේ හසාරේ කුසලාන තරගාවලියේ ඊයේ (24) පැවති Arunachal Pradesh කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදීයි.
එහිදී Bihar කණ්ඩායම නියෝජනය කළ Sakibul පන්දු 32 කදී ශතකයක් රැස්කිරීමට සමත් වුණා.
මේ අතර, List A තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වාර්තා වුණා.
එහිදී Bihar කණ්ඩායම කඩුලු කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 576 ක් රැස් කිරීම ද විශේෂත්වයක්.
මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රියත්මක කළ වයිබව් සූර්යවංශි ලකුණු 150 සීමාව පසුකර ගියේ පන්දු 59 කදීයි.
එය සැළකෙන්නේ List A තරගයකදී පිතිකරුවෙකු ලකුණු 150 සීමාව වේගයෙන්ම පසුකර ගිය අවස්ථාව ලෙසයි.

One Response
Munge pada show witarai