ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ SENA රටවලට එරෙහිව වැඩිම කඩුලු 05 + අවස්ථා (Five Wickets Hauls) වාර්තා කළ ආසියානු වේගපන්දු යවන්නා බවට ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද (14) පත්වුණා.
ඒ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම අතරතුරදීයි.
ඒ අනුව, ජස්ප්‍රිට් බුම්රා අවස්ථා 13 කට SENA රටවලට එරෙහිව ටෙස්ට් කඩුලු 05 + බැගින් ලබාගෙන තිබුණා.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පකිස්ථාන ක්‍රීඩක වසීම් අක්‍රම් විසින් වන අතර ඔහු අවස්ථා 12 කදී SENA රටවලට එරෙහිව ටෙස්ට් කඩුලු 05 + බැගින් වාර්තා කර තිබුණා.
