
වසර 52 ක කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට දකුණු අප්‍රිකාව Final එයි
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (29) සමත් වුණා.
ඒ Guwahati හීදී අද (29) පැවති අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 125 කින් පරාජයට පත්කිරීමත් සමඟයි.
දකුණු අප්‍රිකා කණ්ඩායම වසර 52 ක කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 07 ක් පමණක් දැවී ලකුණු 319 ක් රැස්කළා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ Laura Wolvaardt ලකුණු 169 ක් රැස්කළා.
ලකුණු 320 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 194 ක් පමණයි.
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (30) ඉන්දෝර් හීදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.
Share This Post
