
වසර 15 ක් සේවය කර වාර්තා තැබූ ලාංකිකයාට BCB යන්න කියයි
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රධාන තණතිලි භාරකරු ගාමිණී ද සිල්වා සමග වසර 15 ක් පැවැති ගිවිසුම මෙම නොවැම්බර් මාසයේ සිට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
2010 සිට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන තණතිලි භාරකරු ලෙස සේවය කළ ඔහුට 2025 ජූලි මාසයේදී වසරක දිගුවක් ලබා දෙනු ලැබුවා.
ගිවිසුමට අනුව, ධුර කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කරන්නේ නම් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුට මාස දෙකක වැටුපක් ගෙවිය යුතුයි.
ඒ අනුව එම වන්දි මුදල ගෙවීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කරන බවයි අද තහවුරු කළේ.
ගාමිණී ද සිල්වා ෂෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනය භාරව තම ධුර කාලයෙන් වැඩි කාලයක් ගත කර තිබුණා.
ඕස්ට්‍රේලියානු ජාතික ටෝනි හෙමිංස් තණතිලි භාරකරු ධුරයකට පත්වීමෙන් පසු දෙපාර්ශවය අතර සම්බන්ධතාවය පළුදු වූ බව වාර්තා වේ.
ගාමිණී ද සිල්වා විසින් ඔහුව නිසි ලෙස පිළි නොගැනීමෙන් පසු ටෝනි හෙමිංස් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙන් ඉවත් වුණා.
ජාත්‍යන්තර සහ දේශීය තරග සඳහා ඔහුගේ අධීක්ෂණය යටතේ නිරන්තරයෙන් මන්දගාමී තණතිලි සකස් කල බවට ගාමිණී ද සිල්වා ද විවේචනවලට ද මුහුණ දී තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතරම් දිගු කාලයක් එකම ස්ථානයක සේවය කළ එකම තණතිලි භාරකරු ඔහු වන අතර එය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ වාර්තාවක් ලෙසයි සැළකෙන්නේ.
Share This Post
