Where the Life Meets Cricket

info@cricketlk.com

වසර 15 කට පසු විරාට් කෝලි යළි දේශීය තරග බිමට

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 2025 – 2026 Vijay Hazare කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.
 
එම පුවත DDCA විසින් තහවුරු කර තිබීම ද විශේෂත්වයක්.
 
තරගාවලියේදී විරාට් කෝලි නියෝජනය කරන්නේ දිල්ලි කණ්ඩායමයි.
 
මෙම තරගාවලිය දෙසැම්බර් 24 වනදා අහමදාබාද් හීදී ආරම්භ වනවා.
 
DDCA හි ලේකම් අශෝක් ශර්මා විසින් සඳහන් කර ඇත්තේ විරාට් කෝලි සම්පූර්ණ තරගාවලියම ක්‍රීඩා කරනු ඇතැයි තමන් ස්ථිරව විශ්වාස නොකරන බවත් කෙසේවෙතත් ඔහු තරගාවලියේ තරග කිහිපයක් හෝ අනිවාර්යයෙන් ක්‍රීඩා කරනු ඇති බවයි.
 
ඉන්දීය කණ්ඩායමට යෙදී ඇති ඉදිරි තරගාවලි විරාට් කෝලි Vijay Hazare තරගාවලිය ක්‍රීඩා කරන ආකාරය තීරණය වනු ඇති බවද DDCA ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
 
ඔහු අවසන් වරට Vijay Hazare කුසලාන ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කර තිබුණේ 2010 වසරේදීයි.
 
එහිදීද ඔහු නියෝජනය කළේ දිල්ලි කණ්ඩායමයි.

Share This Post

Post a comment

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More