ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ ඔහු පාදයේ මාංශපේෂී ආබාධයකට ලක්වීමත් සමඟයි.
ඊයේ (09) දිනයේදී ඔහු MRI Scan පරීක්ෂණයක් සඳහා යොමුකළා.
එහි ප්‍රතිඵලවලට අනුකූලව මෙම තීරණය ගෙනඇති බවටයි වාර්තා වන්නේ.
වනිඳු හසරංග නොමැති වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සඳහා විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව ද වැඩිදුරටත් සඳහන්.