
ලෝක ශූර ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළට රුපියල් කෝටි 51 ක තෑග්ගක්
2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාවය දිනා ගත් ඉන්දීය කාන්තා කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය රුපියල් කෝටි 51 ක මුදල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අද (03) පෙරවරුවේ නිකුත් කල නිවේදනයකින් මෙය තහවුරු වූ අතර මෙය කාන්තා කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි එමගින් හඳුන්වා දී ඇත්තේ.
මෙම මුදල ක්‍රීඩිකාවන්ට, තේරීම් කමිටුවට මෙන්ම අමෝල් මුසුම්දාර්ගේ නායකත්වයෙන් යුත් සහායක කාර්ය මණ්ඩලය අතරේ බෙදී යනු ඇති.
ජයග්රාහකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 4.48 ක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 42 ක්) හිමිවීමට නියමිතයි.
මෙය 2022 දී කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලබාගත් මුදලට වඩා විශාල වැඩිවීමක්.
ඊයේ (ඉරිදා) නවී මුම්බායි හි පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව විසින් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඔවුන්ගේ මංගල කාන්තා ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
Share This Post
