
2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ සමාරම්භක තරගය හෙට (07) කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිත අතර එය මහජනතාවට නොමිලේ විවෘත වේ.
ඒ අනුව, SSC පිටියේ 5 සහ 7 ගේට්ටු පෙ.ව. 9:30 සිට මහජනතාවට විවෘත වේ.
ආරම්භක තරගය පකිස්ථානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන අතර තරගය පෙ.ව. 11:00 ට ආරම්භ වීමට නියමිතය.
2026 ICC පිරිමි T20 ලෝක කුසලානය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන අතර පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වේ.
