
"ලෝක කුසලානයට කලින් ගැටළු නිවැරදි කරගන්නවා"
ඊයේ (29) පැවති තුන්කොන් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකල ශ්‍රී ලංකා නායක දසුන් ශානක
කඩුල්ල මීට වඩා හොඳින් හැසිරෙනු ඇතැයි අපි අපේක්ෂා කලා. නමුත් ඔවුන් මැද ඕවරවලදී ඉතා හොඳින් පන්දු යැව්වා.
කෙසේ වෙතත්, හොඳ ආරම්භයකින් පසුව අපට ප්‍රයෝජන ගැනීමට අවස්ථාව තිබුණා. ඒ සමගම, දග පන්දු යවන්නන්ට එරෙහිව අවස්ථා ලබා ගත යුත්තේ කවදාද යන්න අප වටහා ගත යුතුයි.
විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමේ කුඩා දේවල් අපි සියුම් ලෙස සකස් කළ යුතුයි. නමුත් අපි මේක ඉගෙනීමක් විධිහටයි සළකන්නේ.
ලෝක කුසලානයට කලින් අපි මේ ගැටළු නිවැරදි කරගන්න බලාපොරොත්තු වෙනවා.
අපි ජනවාරි මාසයේදී පකිස්තානය සමග ක්‍රීඩා කරනවා. ඒ නිසා ඒ තරගාවලිය වැදගත්. ඒ තරගාවලියේදී අපි වඩා හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වනවා.
20-20 ලෝක කුසලානය ආසන්නයේ තවමත් බොහෝ ධනාත්මක දේවල් තිබෙනවා.
කමිල් මිෂාර, නිශ්ශංක, කුසල් මෙන්ඩිස් සහ පන්දු යැවීමේ බලඇණියේ සිට, චමීර මෙම තරගාවලියේදී ඉතා හොඳින් පන්දු යැව්වා, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ද දායක වුණා. සියලූම පන්දු යවන්නන් දායක වුණා.
ඒ සමගම, කණ්ඩායම පිටියේදී හොඳ අභිප්‍රායක් පෙන්නුම් කළා, එය තවත් ධනාත්මක දෙයක්. අපි හොඳ කණ්ඩායමක් බව අපි දන්නවා, ඒ නිසා අපිට පාකිස්තානයට එරෙහිව සහ ලෝක කුසලානයේදී හොඳින් ක්‍රීඩා කළ හැකියි කියලා බලාපොරොත්තු වෙනවා. මට ඒ ගැන ගොඩක් විශ්වාසයි.
කණ්ඩායමක් විදිහට අපි මේ තරගාවලියට මුහුණ දුන්නා.
අවාසනාවකට, අපට වැඩිය එළියට යන්න අවසර ලැබුණේ නැහැ, නමුත් පාකිස්තාන ක්‍රීඩකයින්ගේ සහ සිම්බාබ්වේ ක්‍රීඩකයින්ගේ ඇසුර විශිෂ්ටයි, මට කණ්ඩායම් දෙකෙහිම මිතුරන් ගොඩක් ඉන්නවා. ආරක්ෂක හමුදාවන්ට ගෞරවය හිමිවනවා.
ඔවුන් සෑම අවස්ථාවකදීම අපට සහයෝගය දුන්නා.
මේ සියල්ල කළමනාකරණය කිරීම පහසු නැහැ. අපේ ආරක්ෂාව සහතික කිරීම ගැන මම PCB එකට ස්තූති කළ යුතුයි.
අනාගතයේදී මට නැවතත් පාකිස්තානයට පැමිණ හොඳ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.