මෙවර පන්දුවාර 20 තරගාවලියේ ලොව පුරා ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානයක් දිනාගත් ඉන්දු – පකිස්ථාන තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අතිවිශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පකිස්ථානය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් රැස්කළා.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඉෂන් ක්‍රිෂන් ලකුණු 77 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 18 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 114 ක් පමණයි.
ඒ අනුව A කාණ්ඩයේ තමන් මෙතෙක් සහභාගී තරග තුනම ජයගනිමින් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.