2025 වසර අවසන් වනවිට ලොව එක් එක් ක්‍රිකට් පාලක මණ්ඩලවල දළ වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබෙනවා.
ඒ අනුව, ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය බවට පත්ව ඇත්තේ ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක දළ වත්කමක් හිමිකරගෙන සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයයි.
ආසන්න වශයෙන් ඩොලර් මිලියන 79 ක වත්කමක් හිමිකරගෙන සිටින ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය දෙවන ස්ථානයේත් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 59 ක වත්කමක් සහිත එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය තුන්වන ස්ථානයේත් පසුවනවා.
ආසන්න වශයෙන් ඩොලර් මිලියන 55 ක දළ වත්කමක් හිමි පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය හතරවන ස්ථානයේත් ඩොලර් මිලියන 51 කට ආසන්න වත්කමක් සහිත බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය 05 වන ස්ථානයේත් පසුවනවා.
ICC පූර්ණ සාමාජිකත්වය සහිත සෙසු රටවල ක්‍රිකට් පාලක මණ්ඩවල ආසන්න වශයෙන් පවතින වත්කම්වල වටිනාකම පහතින් -:
06. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය – ඩොලර් මිලියන 47
07. සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය – ඩොලර් මිලියන 38
08. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය – ඩොලර් මිලියන 20
09. බ. ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය – ඩොලර් මිලියන 15
10. නවසීලන්ත ක්‍රිකට් ආයතනය – ඩොලර් මිලියන 09
