
රෝහිට් ශර්මා පළමු ස්ථානයට
ICC නවතම එක්දින (ODI) ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය පිතිකරු රෝහිට් ශර්මා පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 781 ක් හිමිකර ගනිමිනි.
ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ඊබ්‍රහිම් සද්රාන් තවදුරටත් දෙවන ස්ථානයේ පසුවන අතර මෙතෙක් පළමු ස්ථානයෙව් සිටි ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල් ස්ථාන දෙකක් පහළට ගොස් තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.
හතරවන ස්ථානය පකිස්තානයේ බාබර් අසාම්ට ද පස්වන ස්ථානය නවසීලන්තයේ ඩැරිල් මිෂෙල් ට ද හයවන ස්ථානය ඉන්දියාවේ විරාට් කෝලිට ද ලැබී තිබෙනවා.
ශ්‍රේණිගත කිරීම්වල හත්වන ස්ථානය ශ්‍රී ලංකාවේ චරිත් අසලංක දිනාගෙන ඇති අතර කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිළිවෙලින් 11 වන සහ 12 වන ස්ථාන ලබගෙන තිබෙනවා.
Share This Post
