Where the Life Meets Cricket

info@cricketlk.com

මෙල්බන් පුහුණුවීම් අතර අනතුරකින් තුවාල ලැබූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා මරුට

පසුගිය අගහරුවාදා (28) මෙල්බන් හි පුහුණුවීම් අතර අනතුරකින් තුවාල ලැබූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා මිය ගොස් තිබෙනවා.


17 හැවිරිදි බෙන් ඔස්ටින් ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී පන්දුවට පහර දෙමින් සිටියදී ඔහුගේ හිසට සහ ගෙලට පන්දුවක් වැදී තිබුණා.


ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ජීවිතාරක්ෂක ආධාරක ලබාදී තිබුණද ෆර්න්ට්‍රි ගලි ක්‍රිකට් සමාජය අද (30) උදෑසන නිවේදනය කළේ බෙන් මිය ගිය බවයි.


බෙන්ගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සමාජය ඉල්ලා සිටින අතර, පොලිසියට, වික්ටෝරියා ගිලන් රථයට, මොනෑෂ් ළමා රෝහලට සහ බෙන් තුවාල ලැබූ විට උදව් කළ සැමට ස්තූතිය පළ කරනවා.

 

Share This Post

Post a comment